වියට්නාමයට බලපා ඇති “බුවාලෝයි” සුළි කුණාටුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව ද වාර්තා වනවා.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.