වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා.
අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හට ගත් අතර නායයෑම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
නිවාස 52,000 කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යටව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 05 කට පමණ විදුලිබලය අහිමි බව ද සඳහන්.
පසුගිය දින තුන තුලදී මධ්‍යම වියට්නාමයේ ඇතැම් ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් අඩි 05 ක් පමණ උසට ජලය රැදී ඇති බවයි වාර්තා වන්නේ.











