අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද උදැසන සිට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.
මේ හේතුවෙන් එම ජලාශ අවට ජනතාවට දැඩි අවදානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.