
විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් දැඩි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව විභාග තොරතුරු පිට කිරීමේ වරදට ලබා දෙන දඬුවම් දෙගුණ කරන නව නීති සම්පාදනය කිරීමටයි ඉන්දියාව පියවර ගෙන ඇත්තේ. පසුගියදා එරට තරුණයින් මෙහෙයවන ලද විරෝධතාවලටදී පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා සිටි අතර අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවුණා. ඉන් අනතුරුවයි ඉන්දිය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රි මණ්ඩලය විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීම සඳහා වන දඬුවම් වැඩි කිරීමේ පනත සම්මතකර ඇත්තේ. සම්මත කරන ලද නීති හරහා ප්‍රශ්න පත්‍ර පිට කිරීමට සම්බන්ධ අයට උපරිම සිර දඬුවම වසර 10ක් දක්වා දෙගුණ කර ඇති අතර උපරිම දඩය ඇමෙරිකා ඩොලර් මිලියනයක් දක්වා ඉහළ දමා තිබෙනවා.














