පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
එහිදී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන ලෙසයි එම පක්ෂ නියෝජිතයින් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම රජය මුහුණ දීමට ඉඩ ඇති එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ අප්‍රේල් මාසයේදී රජයේ සේවකයන් සඳහා වැටුප් ගෙවීම බවයි ඔවුන් සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් ඡන්දදායකයින් විශාල පිරිසකගේ කලකිරීමට හේතු විය හැකි බවයි ඔවුන් පවසන්නේ.
තවද, රජයේ පීඩනයට අවනත නොවී ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගන්නා ලෙස ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවටයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.