වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙරට ගොවී ජනතාව ගැන කතා කරන්න අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(21) මැදවච්චිය නගරයේදී මධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.
පසුගිය (20)වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ සමුලුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩි වී සිටි පිරිස, දැක්ක ගමන් විපක්ෂයේ ඉදිරි අනාගතය ගැන සිතාගත හැකි බවත් මේ රට වසර ගණනාවක් විනාශ කරපු සැවෝම එක් වී වත්මන් ආණ්ඩුව සහ මේ යන දිශාන්තය වෙනස් කිරීමට සිතනවා නම් එය විපක්ෂයේ තවත් හීනයක්ම පමණක් බවද ඒ මහතා එහිදී කියා සිටියා.
පළාත් පලන සතියට සමගාමීව පුරා දින 07ක් පුරාවට පැවැති වැඩසටහන් සඳහා සහභාගී වූ පිරිස්හට කුසලාන සහ සහතික පත්‍ර බෙදාදීම වෙනුවෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඩී. විමලතුංග මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය ප්‍රාදේශිය සභාව විසින් මැදවච්චය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඊයේ(21) සවස සංවිධානය කර තිබූ පළාත් පාලන සතියේ ”පුනරුදයේ පුරවර ” වැඩසටහනේ සමාප්ත අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වූවා.
“විපක්ෂය සතියේ මාතෘකා සොයමින් විවිධ විකෘති වූ අදහස් ඇති මතවාද ජනතාව අතරට ගෙන යමින් සිටිනවා.
වත්මන් රජය ගොවි ජනතාව කිසිසේත් අමතක නොකරන බව අපි වගකීමෙන් කියනවා.
අපි මේවන විටත් ගොවි ජනතාවගේ හඳුනාගත් ගැටලු විසදීමට මූලික පියවර අරන් තියෙනවා.
වත්මන් විපක්ෂයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ගොවීන් පිළිබඳ ගැටලුවක් ලෙස වී මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ගෙන ආවා.
පාර්ලිමේන්තුව අවසන් වෙද්දි එම යෝජනාව ස්ථීර කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේවත් හිටියේ නෑ.
අඩුම තරමේ ඒ යෝජනාවට ආණ්ඩුවෙන් දක්වන ප්‍රතිචාරයවත් දැනගන්න ඉන්න බැරි කණ්ඩායමට ගොවීන් ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ.
ඒ වගේම තමයි පසුගියදා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ගමට ගොස් විපක්ෂ නායක ගොවි ජනතාව හමු වී තිබුණා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් ගොවි ජනතාව පිළිබද කතා කිරීමට අයිතියක් නෑ කියලයි අපි දකින්නේ. ”
මහා සංඝරත්නය ප්‍රමුඛ මෙම අවස්ථාවට පළාත් පාළන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි ඇතුලු මැදවච්චිය සියලුම රාජ්‍ය ආයතන නියෝජිනය කරමින් නිලධාරින් සහ ප්‍රාදේශිය සභා කාර්යය මණ්ඩලය සහභාගි වුහ.