විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමතර පංතිවල සිටින්නේ දේශකයෙකු වුවත් පාසල් පන්තිකාරමය තුළ සිටිය යුත්තේ ගුරුවරයෙකු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අමතර පංති පවත්වන දේශකයෙකු බවට පත්නොවී සිසුන්ගේ ජීවිත පුළුල් පරාසයකට ගෙන යාමට ගුරුවරයෙකු ක්‍රියාකළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේ.