ජනාධිපතිවරයා බලයට පත් වී මාස 11ක් ගතවුවද මාලිමාව පොරොන්දු වූ ලෙස තවමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර නැති බවට දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ. 6) චෝදනා කළේ ය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව කී අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසුව ඒ සම්බන්ධයෙන් මේ වනතුරු වචනයක් හෝ කතා කර නැති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා පැවසීය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ සිට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායකය අහෝසි කරන බව වචනයට සීමා වී කියන දෙයක් පමණක් යැයි ඔහු පැවසීය.
ආණ්ඩුවට එවැන්නක් කිරීමට හැකියාව නොමැති බවත් මාලිමාවේ වැඩ කිරීම උපරිම ධාරිතාවට ළඟා වී ඇති බවත් ඔහු පැවසීය
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වී සැප්තැම්බර් මාසයට වසරක් වන බවත් ඔහුගේ කාලය අවසන් වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා