විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීති විරෝධි ක්රියා සිදු කරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල නිලධාරීන් 600 දෙනෙකුගෙන් මෙය සමන්විතයි.
දකුණු පළාතේ වෙරළ තීරය භාවිත කිරීමේදී විදෙස් සංචාරකයින්ගෙන් ඇතැම් පිරිස් මුදල් අය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ විශේෂ පොලිස් කණ්ඩායම යෙදවීමට පියවර ගෙන ඇත්තේ.