වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
0112882228 යන දුරකතන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට එම තොරතුරු ලබා දිය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙනවා.
මේ වන විටත් එම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද සඳහන්.
ගත වූ දින 02 තුළ ද විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 08 ක මුදලක් ලබා ගත් කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නීති විරෝධී ලෙස විදෙස් රැකියා සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙය වූ පුද්ගලයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.