විදේශගත ශ්‍රමිකයන් හරහා රටේ ආර්ථිකය ඉහළට ගැනීමට විදේශ රැකියා ලියාපදිංචි ඒජන්සි ආයතන දැක්වූ දායකත්වය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ඇගයීමට ලක් විය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනවල හිමිකරුවන් සමඟ ‘මෙහෙවර පියස’ පරිශ්‍රයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම ඇගයීම සිදු කෙරිණි.
එහිදී විදේශගත ශ්‍රමිකයන් සහ ඒ සඳහා දායකත්වය දැක්වූ විදේශ රැකියා ආයතන හිමිකරුවන් ඇගයීම් උත්සවයක් ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.