විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25ට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු වෙන්නපුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලීසියට ලද පැමිණිලි 08ක් පිළිබද සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වියේ පසුවන හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.