පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව පසුගිය වසරේ මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක්.
ඒ අනුව ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 140.1 ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවයි මහ බැංකුව පවසන්නේ.
එමෙන්ම සංචාරක ආදායම ලෙස මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 182.9ක් උපයාගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ.