2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අණාවරණය කර තිබුණා.
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වනවා.
එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20.1%ක් බවයි එම වාර්තා වල දක්වා ඇත්තේ.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙසයි වාර්තා වන්නේ.
එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමක්.
උණුසුම් පුවත්
- අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
- 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
- ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
- මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
- වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
- ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
- ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
- නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට












