
නීතිවිරෝධිව මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ 40හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්. ඔහු රුපියල් හැට ලක්ෂ තිස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,200ක් අඩංගු දුම්වැටි කාටූන් 201ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.














