වරකාපොළ, හුනුවල ප්රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ 58 හැවිරිදි හුනුවල තුල්හිරිය ප්රදේශයේ පදිංචි කාන්තාවක්
අනවසර විදුලි රැහැන අදින ලද 34 හැවිරිදි එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කලා.











