විදුලිබල සැපයුම සම්බන්ධයෙන් සියළුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ.
රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එමඟින් සියළුම රාජ්‍ය ආයතන නියාමනය කෙරෙනු ඇති.