වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
ඒ අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කිරීම වෙනුවෙන්.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණා.