විදුලි සැර වැදී සහ අකුණු සැර වැදී පුද්ගලයන් දෙදෙනෙක් වත්තල සහ උහන ප්‍රදේශවලදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වත්තල, මාබෝල ප්‍රදේශ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලෙයකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට වත්තල පොලිස් ස්ථානයටද ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
හැඳල වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් වූ අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉදිකිරීම් සිදු කරන තෙමහල් ගොඩනැගිල්ල අසල අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් පිහිටි ඇති බවත් එමගින් විදුලි සැර වැදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර උහන හිමිදුරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අකුණු සැර වැදීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට උහන පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් පමණ වූ උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.