ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සම්බන්ධයෙන් වන මහජන වාචික අදහස් විමසීම අද (09) සිදු කිරීමට නියමිතයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටියේ දැනට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ පාරිභෝගික කණ්ඩායම් නියෝජනය කරමින් පුද්ගලයන් 50 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි.