ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා
ඒ අනුව දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම ලබන ජුනි මස 03 වැනිදා දක්වා සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ
එමෙන්ම විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස්, සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, වෙත ලිඛිතව ද යොමුකළ හැකියි.