වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ.
ඊයේ රාත්‍රී 11ට පමණ සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.