මැදවච්චිය මහ වැවේ හොරොවිපොතාන මාර්ගයෙන් වැවි බැම්මට ප්‍රවේශවන බැම්මේ තරමක් දුරින් දැවැන්ත කොහොඹ ගසක් පිහිටා තිබෙනවා.
මානා වර්ගයේ තෘණ වලින් වැසී ඇති එම වැවි බැම්මේ මෙම කොහොඹ ගස මුල පමණක් තෘණ වර්ග පොඩි වී තිබීමත් හේතුවෙන් එම වැව් බැම්ම උඩින් ගමන්ගත් පුද්ගලයෙකු එම දෙස විපරම් කර තිබෙනවා.
ඒ අනුව යම් කිසි පුද්ගලයෙකු වකුටු වී, දිමියන් සහ මැස්සන්ද මුහුණ කට වසාගෙන සිටි මියගොස් ඇති ආකාරයට සිටිනු දැක එම පුද්ගලයා මියගොස් ඇතැයි සිතා පොලිසියට තොරතුරු නොදී ඒ පිළිබඳ මැදවච්චිය සී.පී නගරයේ පිරිසක් දැනුවත් කර තිබෙනවා.
දැනට පවතින නීති අනුව ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කළහොත් දුටු පුද්ගලයාට එම මරණය පිළිබඳ කට උත්තර ලබා දිය යුතුවනවා.
ඉන් පසු අධිකරණයට පෙනී සිටීමට ද සිදු වේ.
එය මනාව මේවන විට මහජනයා දන්නා කරුණකි.
එය මහජනතාවට මහත් කරදරකාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම මරණය පිළිබඳ උදෑසන 6.30 සිට දහවල් 12ට ආසන්න වනතුරුත් කිසිදු පුද්ගලයෙක් පොලීසියට කීමට මැලි වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ හෝ ක්‍රමයකින් හෝ ලද තොරුරක් මත එම ස්ථානයට මැදවච්චිය පොලිසිය ගොස් ඇති අතර ඒ පිළිබඳ විපරම් කිරීමේදී මෙම මියගිය ආකාරයෙන් සිටි තරමක් වයස්ගත පුද්ගලයා එක්වරම නැගට පොලිසිය දෙසට පැමිණ තිබෙනවා.
එහිදී පොලිසියත් තිගැස්සී ඇති බවත් අවට සිටි පිරිස්ද හිස හැරුණු අත දිවීමට සූදානම් වී ඇති බවද වාර්තා වනවා.
අනතුරුව පොලිසිය ඔහුගෙන් කළ විමසීමේදී ඔහු දැඩි ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් මේ පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මැදවච්චිය නගරයේ හෝටලයක කෝකියෙකු ලෙස සිය රැකියාව කරන බවටත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාට දැඩිව අවවාද කර තිබෙනවා.