වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.