ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන පිළිබඳ රාජ්‍ය මූල්‍ය කමිටු වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව මහ බැංකුව අද COPF වෙත දැනුම් දී තිබෙනවා.
මහ බැංකුවේ ආන්දෝලනාත්මක වැටුප් වැඩිකිරීම පිළිබඳව අනෝන්‍ය විසඳුමක් ලබාගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්නැයි මුදල් කාරක සභාව ඊයේ නිර්දේශ කරනු ලැබුවා.
මෙහිදී, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව පරීක්ෂා කර සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ස්වාධීන කමිටුවක් කඩිනමින් පත්කරන්නැයි මුදල් කාරක සභාව නිර්දේශ කළ අතර එම කමිටුවේ වාර්තාව සති 04ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි එම කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.
මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.