මඩකලපුව, වාලච්චේන නගරයට වන අලි දෙදෙනෙකු කඩා පැන සිදු කළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරේදී පුද්ගලයින් සිවුදෙනෙකු වන අලි ප්‍රහාරයට ලක්ව වුණා.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය වාලච්චේන නගරයේ ආහාර අලෙවි කරමින් සිටියදී මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් තිදෙනාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.














