වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා .
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් .
දිවයිනේ පළාත් පුස්තකාල සේවා මණ්ඩල මඟින් පුස්තකාල පද්ධතිය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය හා සේවාව ඇගයීමට ලක්කිරීමේ හා එම සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික සමුළුව පවත්වනු ලබනවා.
මෙම සමුළුව පැවැත්වෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත පළාත්සභා ක්‍රමය අනුව මෙරට පුස්තකාල සේවාව පුළුල් කිරීමේ හා විධිමත් කිරීමේ අරමුණෙන් පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ යටතේ උතුරු මැද, ඌව, සබරගමුව හා මධ්‍යම යන පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල හා මධ්‍ය පුස්තකාල ස්ථාපිත කර තිබෙනවා .
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













