ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු හා සැකකාරියක් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර උතුර පොලිස් වසමේ නාගස් හන්දිය අසලදී කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර වයාජ රුපියල් පන් දහසේ නෝට්ටු පහක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අවුරුදු 50 වයසේ පසුවන කලුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විරම්ශන සිදුකරනු ලබනවා.













