ව්‍යාජ අංක තහඩු, ජීව පතරොම් සහ හෙරොයින් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේදී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී-56 පතරොම් ගැබ් 1ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතික 15ක් සහ ජංගම දුරකතන දෙකක් සැකකරු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ භාණ්ඩ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් පමණ වන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.