ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් .
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සදහන් කළේ.
එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමග පසුගිය අප්‍රේල් මස 8 වන දින සිට විගණකාධිපති ධුරය හිස්ව පවතිනවා.
මේ වන විට විගණකාධිපති ධුරය හිස්ව පවතින අතර ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම සියලුම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නව නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














