නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (21) සුපුරුදු පරිදි පැවැත්වෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගනිමිනුයි ඊයේ (19) දිනයේ මෙම තීරණය ගනු ලැබුවේ.
මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක පවුල් 5,738ක පුද්ගලයින් 16,930 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වර්ෂාවත් සමඟ හමා ආ සුළං හේතුවෙන් ගස් කඩාවැටීම් හා පස් කඳු පෙරළීම්වලින් නිවාස 98කට අර්ධ හානි සිදුව ඇති බවයි.
දින කිහිපයක සිට සක්‍රිය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටයි.