2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් ගෙවා දැමීමට රජය සමත්ව තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක් බවයි.
ඒ අනුව එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබා ගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කලා.