2026 ජනවාරි පළමුවැනිදා සිට පෙරේදා 19 දක්වා මාරක රිය අනතුරු 113 ක් සිදුවී පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසනවා.
මෙම අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති පදිකයින් ගණන 33 ක් ලෙස වාර්තා වී ඇත්තේ.
මේ අතර යතුරුපැදි අනතුරු 45 ක් වාර්තා වී ඇති බවත් ඉන් පසුපැදිකරුවන් 7 ක් මියගොස් ඇතැයි සඳහන් කළා.
එම අනතුරුවලින් පුද්ගලයින් 216 ක් බරපතළ තුවාල ලබා ඇති බවයි ඔහු පැවසුවේ.











