මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේ.
මේ අතර බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 06 දෙනෙකු පසුගිය 14 වනදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.