නිෂ්පාදන කටයුතු සඳහා වන ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI – නිෂ්පාදන) 2024 මාර්තු මාසයේ දී 62.5ක දර්ශක අගයක් වාර්තා කර තිබෙනවා.
නිෂ්පාදන ක්රියාකාරකම්වල ප්රසාරණයක් පෙන්නුම් කරන එම තත්ත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ, මෙය වසර තුනකින් වාර්තා වූ ඉහළම PMI-නිෂ්පාදන අගය බවයි.
මෙහි දී ප්රධාන වශයෙන් සෘතුමය ඉල්ලුම මත මෙම වැඩිවීමට දායක වෙමින් සියලු ම උප දර්ශක මාසික පදනමින් පුළුල් වී ඇති අතර, එහි නව ඇණවුම් සහ නිෂ්පාදනයේ වැඩි වී තිබෙනවා.