වසර 71 කට පසු දුර්ලබ හා දැවැන්ත වල්ගා තරුවක් පෘතුවිය හරහා ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.
“යක්ෂ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම වල්ගා තරුව අප්‍රේල් මස 8 වන දා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයේදී දැකගත හැකි බවයි නාසා ආයතනය සදහන් කළේ.
අදාළ වල්ගා තරුවේ පිහිටීම සහ එහි වරින් වර සිදුවන පිපිරීම් හේතුවෙන් යක්ෂ වල්ගා තරුව ලෙස එය හැඳින්වෙන බවද සදහන්.