වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක් හමු වී තිබෙනවා.
එම නිවැසියන් විසින් යම් කටයුත්තක් සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙවත්තේ වලක් හෑරීමකදී මෙම ආයු හමුවී ඇති අතර අනතුරුව ඔවුන් විසින් ඒ බව වවුනියාව පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
යුධ සමයේ කිසියම් සංවිධානයක් හෝ ත්‍රස්ත කණ්ඩායමක් අදාළ ගිනි අවි සහ පතොරම් මෙලෙස වල දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් සොයා ගත් ගිනි අවි දෙක සහ පතොරම් තොගය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










