වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ, පවතින වියළි කාලගුණය සහ වගාවට ජලය නොමැති වීම හේතුවෙන් .
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ, වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්රදේශවලින් එම ප්රදේශයට කණ්ඩායමක් අද පිටත්ව යන බවයි.