නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.
ඒ නිවාස දෙකක් නාය යෑම හේතුවෙන්.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.
උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.













