මාස 2ක් තුළ වරාය මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීමට රජය පිඹුරුපත් සකසා ඇති බවට වරාය වෘත්තීය සමිති චෝදනා කරනවා.
වත්මන් වරාය ඇමතිවරයාගේ වුවමනාව මත මෙය සිදු කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.
වසර 80ක් පමණ පැරණි මෙම මුළුතැන්ගෙය පාඩු ලබන බව පවසා කොළඹ ප්රධාන හෝටලයකට ලබා දීමට යන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ ප්රකාශ කළා.