වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
කියා සිටියා.
ඒ අනුව පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඩිජිටල්කරණය වනු ඇති.
රුපියල් බිලියන 12 ක පමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන අතර මේ සඳහා ඉන්දියානු ආධාර හිමිවන බව ද කනක හේරත් මහතා සඳහන් කළා.
එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා.
	උණුසුම් පුවත්
	
				- නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
 - ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සහයෝගය දක්වනවා -මහින්ද අමරවීර
 - ඉන්දීය ධීවර යාත්‍රා 4ක් මෙරට නාවික හමුදා භාරයට
 - කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
 - රාජ්‍ය සේවයට 60,000ක්
 - හෙට දිස්ත්‍රික්ක රැසක සුනාමි පෙරහුරුවක්
 - අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
 - ඩයන් ලෑඩ් දිවියෙන් සමුගනී
 












