තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද චාරිකාවක් ගිය බස් රථයක් දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී මාර්ගයේ පෙරළි ගොස් සිදු වූ අනතුරින් එප්පාවල පොලිස් වසමේ බටුවත්ත, මීගස්සෑගම ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවියකද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටුවත්ත, මහමීගස්සෑම පදිංචි කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 9 ශේණියේ ඉගෙනුම ලැබු සිහත්මා දිනාරා දිසානායක නම් දියණියයි.
ඇය දියණියන් 05 දෙනෙකු සිටින පවුලක බාලම දියණියයි.
ඇගේ මව සමඟ කුඹල්වෙල අසපුව ඇතුළු ස්ථාන කිහිපයක් දැක බලාගැනීමට විනෝද චාරිකාවට සහභාගී වී ඇති අතර, අනතුරින් මව සුළු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් දියණිය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.
තඹුත්තේගම පහළගම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ පවුලේ ඥාතීයකුට අයත් බස් රථයකින් විනෝද චාරිකාවක් සඳහා ඔවුන් පසුගිය 21 වැනි දින අලුයම පිටත්ව ගොස් ඇති අතර, විනෝද චාරිකා නිමවා ආපසු නිවෙස් වෙත එමින් සිටියදී දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථය මාර්ගයේ පෙරළි ගොස් එම ස්ථානයේදීම තිදෙනකු බස් රථයට යටවී මියගොස් තිබෙනවා.
ජීවික්ෂයට පත් දියණියගේ දේහයට දැඩි හානී සිදුව තිබෙන බවද පවුලේ ඥාතීන් පවසනවා.
අද (22) පස්වරුව වන විටත් ඇයගේ දේහය නිවසට ගෙනවිත් නොතිබිණි.
ජීවික්ෂයට පත් දියණියගේ දේහයට දැඩි හානී සිදුව තිබෙන බවද පවුලේ ඥාතීන් පවසනවා.
අද (22) පස්වරුව වන විටත් ඇයගේ දේහය නිවසට ගෙනවිත් නොතිබිණි.