මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. .
එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව යි.
රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතිනවා.
ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.
එලෙස තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
උණුසුම් පුවත්
- BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි …
- බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 11 දෙනෙකු රෝහලට
- ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
- පානදුර උණුසුම් කරමින් වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
- පනත් කෙටුම්පත් දෙකක් සදහා කථානායකගේ සහතිකය
- ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක්