කොළඹ – කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.