බකමූණ පොලිස් වසමේ ඇළහැර ප්රදේශයේදී වනඅලියෙකු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බකමූණ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි ඔරුබැඳි සියඹලාව ප්රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
තම ඉඩමට පැමිණි වනඅලියෙකු පලවා හැරීමට යාමේදී පහරදී මෙම මරණය සිදුව තිබෙනවා.
මෘත ශරීරය බකමූණ රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන බකමූණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.