වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් දිනකට තිහෙන් පංගුවක් බැගින් කපා හැරීමට පියවර ගනු ඇති බව සදහන්.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් එම විස්තර ජූනි මස 30 වැනිදාට පෙර අදාළ ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතු වු අතර, ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දී තිබුණා.