යාපනය වඩුක්කෝටේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඒ ඊයේ(20) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුවයි.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ ජංගම මුර සංචාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම්ද යොදවා ඇති බවයි පොලිසියට පවසන්නේ.
අදාළ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමෙන් තුවාල ලබා පුද්ගලයන් තිදෙනෙක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙක් ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කාලයක් තිස්සේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් දුරදිග යාමට ගැටුමට මුල් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (20) ඇති වූ ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තැබීමක්ද සිදු කරනු ලැබුවා.