නියඟය හේතුවෙන් හානි වූ වගාවන් සදහා ගිනි තැබූ පුද්ගලයින් හට වන්දි ලබා නොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙනවා .
ඇතැම් පුද්ගලයින් පසුගිය දින කිහිපය තුළ හානි වූ තම වගාවන්ට ගිනි තබා විරෝධය දැක්වූ බවයි අප වාර්තා කරුවන් සදහන් කලේ
එම වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බව එම මණ්ඩලය ප්‍රකාශ කළා
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ පිලිබදව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාවද දැනුවත් කර ඇති බවයි සදහන් කලේ .