වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියාසිටියේ ඊයේ(12) දින දහවල් කාලයේ නාරාහේන්පිට, නව කම්කරු කාර්යාල පිවිසුම් දොරටුව අසලදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විින් ආවේක්ෂණ රාජකාරී සිදුකර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීමට පැමිණි කාන්තාවකගෙන් වංචනික ලෙස මුදල් ලබාගනු ලැබූ තැරැව්කරුවෙකු වන සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 75ක් පමණ වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













