ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළි ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 84 ඉක්මවා ගොස් තිබුණා.
කෙසේවෙතත් ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිල අඛන්ඩව ඩොලර් 80 ඉක්මවා තිබූ අතර ජුනි මාසයෙන් පසු පැහැදිලි අඩු වීමක් පෙන්නුම් කර නැහැ.